අවුරුදු 25ක තරුණියක් නිවුන් දරුවන් 9ක් බිහි කරයි

නිවුන් දරුවන් 9 දෙනකු හට එකවර උපත ලබා දීමට 25 හැවිරිදි කාන්තාවක් සමත්ව තිබේ.

මෙසේ එකවර දරුවන් 9 දෙනකුට ජීවය ලබා දී ඇත්තේ මාලි රාජ්‍යයේ ‘හැලීම සිසේ’ නමැති 25 හැවිරිදි කාන්තාවකි.

එයින් පස් දෙනෙකු ගැහැණු දරුවන් වන අතර සිවු දෙනෙකු පිරිමි දරුවන් වෙති.

මෙම කාන්තාව දරු උපත සඳහා මොරොක්කෝව වෙත එරට රජය විසින් යවා තිබිණි.

ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරු කලින් පවසා තිබුනේ ඇයගේ කුසේ නිවුන් දරුවන් හත් දෙනෙකු ඇති බවය.

මේ වන විට දරුවන් විශේෂ ප්‍රතිකාර ඒකකවල පසුවෙති.

nine babies