spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 18-25 දක්වා අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම් දෙන රට

වයස අවුරුදු 18-25 අතර තරුණ තරුණයින්ට ඉදිරියේදී ඖෂධ හල්වලින් නොමිලේ උපත් පාලන කොපු ලබා ගත හැකිවනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා. ඒ අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ පියවරක් ලෙසයි.

ප්‍රංශ රජය වයස අවුරුදු 25ට අඩු සියලු තරුණියන්ට නොමිලේ උපත් පාලන ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

වියදම් දරාගත නොහැකි වීම හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු තරුණියන්ට උපත් පාලනය කිරීමෙන් වැළකී නොසිටින්නැයි දියත් කළ වැඩසටහනක දිගුවක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට එරෙහිව සටන් කිරීමට ගත් පියවරක් ලෙස වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින් නිර්දේශ කරනු ලැබුවහොත් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් කොන්ඩම් සඳහා යන වියදම් දැනටමත් නැවත ලබා දීම සිදු කරන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ. සමස්තයක් ලෙස ලිංගික අධ්‍යාපනය ගැන ගත් කල, “මේ විෂය ගැන අපිට හොඳ අවබෝධයක් නැහැ. න්‍යායාත්මක කරුණුවලට වඩා යථාර්තය බොහෝ වෙනස්. අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු විෂයයක් මේක,” ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?