අවුරුදු 18-25 දක්වා අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම් දෙන රට

වයස අවුරුදු 18-25 අතර තරුණ තරුණයින්ට ඉදිරියේදී ඖෂධ හල්වලින් නොමිලේ උපත් පාලන කොපු ලබා ගත හැකිවනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා. ඒ අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ පියවරක් ලෙසයි.

ප්‍රංශ රජය වයස අවුරුදු 25ට අඩු සියලු තරුණියන්ට නොමිලේ උපත් පාලන ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

වියදම් දරාගත නොහැකි වීම හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු තරුණියන්ට උපත් පාලනය කිරීමෙන් වැළකී නොසිටින්නැයි දියත් කළ වැඩසටහනක දිගුවක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට එරෙහිව සටන් කිරීමට ගත් පියවරක් ලෙස වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින් නිර්දේශ කරනු ලැබුවහොත් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් කොන්ඩම් සඳහා යන වියදම් දැනටමත් නැවත ලබා දීම සිදු කරන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ. සමස්තයක් ලෙස ලිංගික අධ්‍යාපනය ගැන ගත් කල, “මේ විෂය ගැන අපිට හොඳ අවබෝධයක් නැහැ. න්‍යායාත්මක කරුණුවලට වඩා යථාර්තය බොහෝ වෙනස්. අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු විෂයයක් මේක,” ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04