වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවධානය යොමුව තිබෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර, ළමුන්ගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.
මෙම තීරණයත් සමඟ TikTok, Snapchat සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා නව නීතිමය රාමුවකට ඇතුළත් විය හැකි බව සඳහන්.
සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්‍රතිලාභ පැවතියද, මෙය තමන් ගත් “නිවැරදි තේරීම” බවයි අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් පවසා ඇත්තේ.














එක තමයි හරිම තිරණය
Already all phones u tube prohibited in some Australian states.