අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කල හිමිනමක් ඇතුළු 4ක් අත්අඩංගුවට

මොනරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී වයස අවුරුදු දාහතරක පාසල් දැරියක් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක නායක හිමි නමක් ඇතුළු හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාඇල ප්‍රදේශයේ පදිංචි එම දැරිය පාසල් නිවාඩු කාලයේ දී දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවස වෙත පැමිණ ඇති අතර එම කාල සීමාව තුලදී මෙය සිදු වී ඇති බවටයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

සිය මිත්තණිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානය ට ගිය අවස්ථාවදී ඔවුන් දෙදෙනා ගේ ද සහය ඇති ව අදාළ නායක හිමියන් විහාරස්ථානය තුලදිම මෙම දැරියට ලිංගික අතවර සිදු කර ඇතැයි සඳහන්.

ඊට අමතරව එම චීවරධාරියාගේ සහෝදරයෙක් ද දැරියගේ නැන්දනියගේ නිවස වෙතම ගොස් ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම සිදුවීමට සම්බන්ධ හිමිනම, සොයුරා සහ මෙම අපරාධය ට අනුබල දුන් නැන්දනිය සහ මිත්තණිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය විමර්ශන සිදු කරනවා.

  1. අපොයි මෙහෙමත් ආච්චිලා…යකෝ මුන්ට ගනයට ලමයාව පූජා කරන්න හිතුනා ද දන්නෙ නෑ… තියන්න වටින්නෙ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14