spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කල හිමිනමක් ඇතුළු 4ක් අත්අඩංගුවට

මොනරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී වයස අවුරුදු දාහතරක පාසල් දැරියක් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක නායක හිමි නමක් ඇතුළු හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාඇල ප්‍රදේශයේ පදිංචි එම දැරිය පාසල් නිවාඩු කාලයේ දී දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවස වෙත පැමිණ ඇති අතර එම කාල සීමාව තුලදී මෙය සිදු වී ඇති බවටයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

සිය මිත්තණිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානය ට ගිය අවස්ථාවදී ඔවුන් දෙදෙනා ගේ ද සහය ඇති ව අදාළ නායක හිමියන් විහාරස්ථානය තුලදිම මෙම දැරියට ලිංගික අතවර සිදු කර ඇතැයි සඳහන්.

ඊට අමතරව එම චීවරධාරියාගේ සහෝදරයෙක් ද දැරියගේ නැන්දනියගේ නිවස වෙතම ගොස් ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම සිදුවීමට සම්බන්ධ හිමිනම, සොයුරා සහ මෙම අපරාධය ට අනුබල දුන් නැන්දනිය සහ මිත්තණිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?