වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් වසරකට වැඩි කාලයක් විටින් විට දූෂණය කළ බව කියන පුද්ගලයෙක් ඊයේ (16) දින අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.
මෙම සැකකරු රිදීබැදිඇල්ල, කිරිදිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු දූෂණයට ලක් වූ දැරියගේ පියාගේ මිතුරෙක් බව සඳහන්.
මෙම පුද්ගලයා, තම පියා නොමැති අවස්ථාවල දී නිවසට පැමිණ වසරකට වැඩි කාලයක සිට මෙලෙස තමන්ට ලිංගික අතවර කරන බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට යොමුකර ඇති අතර, සැකකරු අද (17) දින නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.














NUGATHKAM, BEEMATHKAMA, WALKAMA,JADAKAMA SAHA THUPPAHIKAMA. MEWA ADHYAPANAYEN NATHI KARALA DANAKAM, NEETHIYEN NISI DANDUAM DENAKAM NAWATHINNE ANHE.