අවුරුදු 13ක ළමුන් දෙදෙනෙක් ලක්ෂ 02ක් උස්සලා – වෙළඳසැල් හිමියෙකුත් අත්අඩංගුවේ (ඡායාරූප)

වටවල ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරාගත් පාසල් සිසුන් දෙදෙනෙක් අද (01) වටවල පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අවුරුදු 13ක පිරිමි ළමුන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිසුන් දෙදෙනා පසුගිය 28 වනදා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුළට ඇතුල් වී මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස සොරාගත් මුදල්වලින් ජංගම දුරකථනයක්, පරවියන් අටදෙනෙක්, විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක්, ක්‍රිකට් පිත්තක් සහ බෝල ටින් එකක් මිලදී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් වටවල පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර සිසුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම සම්බන්ධ කරුණු අනාවරණය කර තිබෙනවා.

සොරාගත් ලක්ෂ දෙකක මුදලින් රුපියල් දොළොස් දහසක මුදලක් සැකකාර පාසල් සිසුන් දෙදෙනා සන්තකයේ තිබූ බවත් පොලිසිය පැවසුවා.

මොවුන් දෙදෙනා හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ගොස් දුරකථනයක් මිල දී ගැනිමට කටයුතු කිරිමේ දී එහි අලෙවිසැලේ හිමිකරු රුපියල් 20,000ක් පමණ වටිනා ජංගම දුරකථනය රුපියල් 80,000ක මුදලකට අලෙවි කර ඇති බවට අනවරණට වී තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලෙවිසැලේ හිමිකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා ළමුන් දෙදෙනෙකුට මෙතරම් මුදලක් ලැබුණේ කෙසේදැයි යන්න නොවිමසා භාණ්ඩ අලෙවි කිරීමේ චෝදනාව මතයි.

සැකකාර පාසල් සිසුන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20