අවුරුදු 07 ක සුපිරි වීරයෙක්

අවුරුදු 7ක් වයසැති දරුවෙකුගේ වික්‍රමාන්විත ක්‍රියාවක් නිසා ඔහු වෙසෙන නගරයේ ඔහු වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වමින් විවිධ රුපවාහිනී නාලිකා තුළින් ඉස්තරම් ප්‍රචාරයක් ලබා දෙමින් ඔහු පැසසුමට ලක්කළ පුවතක් ඇමෙරිකාවේ මිචිගන් ජනපදයෙන් වාර්තා තිබෙනවා.

පාසැල නිම වී තවත් ළමුන් පිරිසක් සමඟ සුපුරුදු පාසැල් බස් රථයෙන් නිවස බලා එමින් සිටියදී රථයේ රියදුරු දහදිය හෙලමින් ක්ලාන්ත වන බවක් දුටු කුඩා සිසුවා වහාම ඔහු සන්සුන් කර සුක්කානමේ පාලනය සිය දෑතට ගෙන රථය මාර්ගයේ අයිනකට කර නවතා ගැනීමට සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රියදුරු සිහිමුර්චා වී තිබුන බවත් එම අවස්ථාවේ බසය තුළ සිසුන් 8 කු සිටි බවත් පොලිසිය පවසනවා.

පසුව ඔහු පොලිස් හදිසි අංකය අමතා සිද්ධිය දැනුම් දීමෙන් පසුව රියදුරු රෝහල් ගතකොට තිබෙන අතර ළමුන් වෙනත් රථයකින් නිවෙස් වෙත යැවීමට පොලිසිය පියවර ගෙන තිබුන බවත් වාර්තා වෙනවා.

ඩිලන් රීව්ස් නමැති මෙම හත් හැවිරිදි සිසුවා පාසැලේ වීර සිසුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14