spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 07 ක සුපිරි වීරයෙක්

අවුරුදු 7ක් වයසැති දරුවෙකුගේ වික්‍රමාන්විත ක්‍රියාවක් නිසා ඔහු වෙසෙන නගරයේ ඔහු වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වමින් විවිධ රුපවාහිනී නාලිකා තුළින් ඉස්තරම් ප්‍රචාරයක් ලබා දෙමින් ඔහු පැසසුමට ලක්කළ පුවතක් ඇමෙරිකාවේ මිචිගන් ජනපදයෙන් වාර්තා තිබෙනවා.

පාසැල නිම වී තවත් ළමුන් පිරිසක් සමඟ සුපුරුදු පාසැල් බස් රථයෙන් නිවස බලා එමින් සිටියදී රථයේ රියදුරු දහදිය හෙලමින් ක්ලාන්ත වන බවක් දුටු කුඩා සිසුවා වහාම ඔහු සන්සුන් කර සුක්කානමේ පාලනය සිය දෑතට ගෙන රථය මාර්ගයේ අයිනකට කර නවතා ගැනීමට සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රියදුරු සිහිමුර්චා වී තිබුන බවත් එම අවස්ථාවේ බසය තුළ සිසුන් 8 කු සිටි බවත් පොලිසිය පවසනවා.

පසුව ඔහු පොලිස් හදිසි අංකය අමතා සිද්ධිය දැනුම් දීමෙන් පසුව රියදුරු රෝහල් ගතකොට තිබෙන අතර ළමුන් වෙනත් රථයකින් නිවෙස් වෙත යැවීමට පොලිසිය පියවර ගෙන තිබුන බවත් වාර්තා වෙනවා.

ඩිලන් රීව්ස් නමැති මෙම හත් හැවිරිදි සිසුවා පාසැලේ වීර සිසුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?