spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 05ක දැරියකගෙන් ආශාවන් සංසිඳුවා ගත් සීයා සොයා විමර්ශන

වයස අවුරුදු 05ක දැරියකට ලිංගික අතවර කළ බව කියන ඇයගේ සීයා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ඒ, දැරියගේ මව විසින් අද (21) දිනයේ දැරියට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඊයේ (20) පස්වරුවේ දැරියගේ මවගේ මාමා කෙනෙකු වන සැකකරු විසින් දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

චෝදනා ලබා සිටින සැකකරු ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?