අවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් සොයා විශේෂ වැටලීම්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීමට සහ බලපත්‍ර ලාභී මත්පැන් අලෙවි බලපත්‍ර ඇති ස්ථාන අධික්ෂණයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා 1200ක පමණ සුරාබදු නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියාසිටියේ.

මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා.

ලබන 14 වනදාට යෙදී ඇති සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලත් සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

එසේ වුව ද සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල්වල නේවාසික සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමටයි අවසර ලබාදී ඇත්තේ.

339916897 614898220655213 3771493537637546100 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18