අවුරුදු අටක දැරියක් කෙලෙසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු අටක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා හඳපාන්ගොඩ, කූරගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

දැරියගේ මව විසින් ඉංගිරිය පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයට ඊයේ (24) සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැරියගේ නිවස ආසන්නයේ ඇති නිවසක තේ දළු නෙලීම සඳහා පැමිණි සැකකාර පුද්ගලයා අදාළ වයස අවුරුදු අටේ දැරිය රවටා මෙලෙස බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සැකකරු අද (25) දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38