spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුද්දෙන් පස්සේ වෙළඳසැල්වලින් ආහාර පාන ගද්දී බලාගෙනයි

අවුරුදු සමයෙන් පසු වෙළඳසැල්වලින් ආහාර පාන මිල දී ගැනීමේ දී සැළකිලිමත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මස්, මාළු, කිරි ආශ්‍රිත නිෂ්පාදන වැනි ඉක්මනින් කල් ඉකුත්වන ආහාර පාන මිලදී ගැනීමේ දී වැඩි වශයෙන් සැළකිලිමත්වන ලෙසයි වැඩිදුරටත් ඔවුන් දැනුම් දෙන්නේ.

ඇතැම් වෙළෙඳුන් එවැනි ඉතිරි ආහාර පාන ගබඩාකර තබාගෙන යළි පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට පෙළඹෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ.

මේ අතර උත්සව සමයේ අනතුරුවලින් වැළකී ආරක්‍ෂිත ලෙස කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?