අවුරුද්දට සුබපතන්න තෑගි බෑ – වැඩබලන පොලිස්පතිගෙන් පොලිස් නිලධාරීන්ට දැනුම්දීමක්

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා

එමෙන්ම නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සුභ පැතීමේ දී ත්‍යාග ලබාදීම නොකළ යුතු බවත්; එසේ ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භාරනොගත යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී දෙනවා.

මෙම උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්