spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුද්දට යුද්ධ හමුදාවෙන් සිවිල් වැසියන්ට වියළි සළාක දෙයි (ඡායාරූප)

උදාවන සිංහල – හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි සළාක බෙදා දීම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින සිදු කෙරුණා.

මෙලෙස එම වියළි සලාක බෙදා දීම සිදු කරනු ලැබුවේ යුද්ධ හමුදාපතිවරයා 542 බලසේනාවේ බලසේනාධිපති වශයෙන් කටයුතු කළ සමයේ ඉදිකළ “විකුම්පුර” ගම්මානයේ ජනතාවහටයි.

එම ගම්මානය නරිකාඩු නමින් ඉදිකර මන්නාරම් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වූවන්ට ලබාදීම වෙනුවෙන් වත්මන් යුද්ධ හමුදාපතිවරයාට කරනු ලබන කළගුණ සැලකීමක් වශයෙන් ගම්වාසීන් මෙම ගමට විකුම්පුර ලෙස නම් තබා තිබුණා.

මෙය ඉතිහාසයට එක්වන්නේ මේජර් ජෙනරාල් ජනක පෙරේරා සිහිවීම සදහා ඉදිකළ ජනකපුරට පසු යුද්ධ හමුදා නිලධාරියෙකුගේ නමින් බිහිවූ දෙවැනි ගම්මානනය ලෙසයි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියද මෙම අවස්ථාවට එක් වූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් වියළි සළාක පාර්සල් “විකුම්පුර” ගම්මානයේ දිවි ගෙවන පවුල් 36ක් වෙනුවෙන් බෙදාදෙනු ලැබුවා.

image 43
image 43
image 44
image 44
image 45
image 45
image 46
image 46
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?