spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුද්දට බඩු ගන්න පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කර සිටිනවා.

එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින් කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බව එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් මෙම අවුරුදු කාලසීමාවේදී එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බව ද අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකයට අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවත් අනතුරුව එම තොරතුරු මත උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?