අවුරුද්දට බඩු ගන්න පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කර සිටිනවා.

එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින් කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බව එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් මෙම අවුරුදු කාලසීමාවේදී එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බව ද අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකයට අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවත් අනතුරුව එම තොරතුරු මත උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33