අවුන්සාන් සුකීට වසර 7ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට වසර 7ක සිර දඬුවමක් එරට හමුදා පාලනය විසින් නියම කර තිබෙනවා.

මියන්මාර හමුදා අධිකරණයක් විසින් මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර හතක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ සමස්ත සිර දඬුවම් කාලය වසර 33 දක්වා වැඩිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2021 වසරේ පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඇයගේ රජය නෙරපා හැරීමෙන් පසුව එරට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායිකාව නිවාස අඩස්සියේ තබා තිබෙනවා.

එතැන් සිට ඇය චෝදනා 19ක් යටතේ මාස 18ක නඩු විභාගවලට මුහුණ දී ඇති අතර එම චෝදනා ව්‍යාජ ඒවා බවටයි මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද ඇය නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

අද පැවති නඩු විභාගයේදී ඇයට එල්ල වූ චෝදනා පහකටයි මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ.

රජයේ අමාත්‍යවරයෙකුට හෙලිකොප්ටරයක් කුලියට දීමේදී නීතිරීතිවලට අනුකූල නොවී කටයුතු කිරීම හේතුවෙන් ඇය දූෂණ චෝදනාවට වරදකරු බවට අධිකරණය තීන්දු කරනු ලැබුවා.

කොවිඩ් සමයේ මහජන ආරක්ෂණ නීති කඩ කිරීම, වෝකි ටෝකි ආනයනය කිරීම සහ නිල රහස් පනත උල්ලංඝනය කිරීම ඇතුළු විවිධ අපරාධ 14කට ඇය මේ වන විටත් වරදකරු බවට පත්වී සිටිනවා.

මෙවර ඇයගේ නඩු විභාග මහජනතාවට සහ මාධ්‍යයට තහනම් කර ඇති අතර ඇයගේ නීතිඥයින්ට මාධ්‍යවේදීන් සමඟ කතා කිරීම ද තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එල්ල වී ඇති සියලුම චෝදනා ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

77 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභීනිය වැඩි කාලයක් ගත කර ඇත්තේ Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේයි.

මියන්මාරයේ දේශපාලන සිරකරුවන් සඳහා වන සංගමය පවසන පරිදි, හමුදා ජුන්ටාව විසින් බලය අල්ලා ගත් දා සිට අත්අඩංගුවට ගෙන ඇති 16,600 කට වැඩි පිරිසක් අතර සූ කී මහත්මිය සහ ඇගේ පක්ෂයේ බොහෝ සාමාජිකයින් ද සිටිනවා.

සිරගතව සිටින සංඛ්‍යාව 13,000කට අධිකයි.

මියන්මාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය සතියේ ඉල්ලා සිටියා.

චීනය සහ රුසියාව එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි බව සඳහන්.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය මීට පෙර කියා සිටියේ සුකී මහත්මියට එල්ල කරන ලද නිර්දය ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ හමුදාව විරුද්ධවාදීන්ට එරෙහිව දේශපාලනික වශයෙන් චෝදනා ගෙන ඒම සඳහා අධිකරණය භාවිත කරන බවයි.

පසුගිය පෙබරවාරියේ හමුදාව විසින් බලය අල්ලා ගැනීමට එරෙහිව පෙලපාලි ආරම්භ වූ අතර, විරෝධතාකරුවන් සහ ක්‍රියාකාරීන් මර්දනය කිරීමට මියන්මාර හමුදාව පෙලඹී තිබෙනවා.

නීති විරෝධී ඝාතන සහ සිවිල් ගම්මානවලට ගුවන් ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් ද මිලිටරි ජුන්ටාවට චෝදනා එල්ල වී තිබෙනවා.

විරෝධතා මැඩලීමට හමුදාව විසින් එල්ල කර ලද ප්‍රහාරවලින් මේ වන විට 2,600කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවටයි ගණන් බලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19