අවාරයේ ශ්‍රී පාදයේ සංචාරකට පැමිණි පිරියක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇලටපෙරළී අනතුරක්

අවාරයේ ශ්‍රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇලට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11.00ට පමණ නල්ලතන්නි පොලිසිය වෙත පැමිණ ඔවුන්ට ශ්‍රී පාද සංචාරයක් සදහා යෑමට අවශය බව පවසා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමඟ රාත්‍රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා පසුගින උදෑසන පැමිණෙන ලෙසයි.

පොලිසියේ උපදෙස් පිළිගත් එම පිරිස නාවාතැනක් සොයා ගැනීම සදහා ආපසු මෝටර් රථයෙන් යන අතරතුර ඊයේ (19) රාත්‍රී 12.00ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථය නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල ප්‍රදේශයේ දී මර්ගය් ලිස්සා ගොස් අසල තිබූ පාලමක් අසලින් මෝහිනී ඇලට පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථය තුළ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටි ඇති බව පොලිසිය පැවසුවා.

එහිදී ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මේ අතර මෝටර් රථය අනතුරට ලක් වූ ස්ථානයෙන්ම පසුගිය මස 22 වනදා ත්‍රිරෝද රථයක් අනතුරට පත්ව එහි ගමන් ගත්
පාසල් සිසුවියක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14