අවසරයකින් තොරව අවාරයේ සිරිපා කරුණා බැහැ – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පවසනවා.

2022-2023 ශ්‍රි පාද වන්දනා සමය අවසන් වීමත් සමඟ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ
අවසරයකින් තොරව කරුණා කිරීම සම්පූරණයෙන්ම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් අවසර ලබා දී ඇති බවට පළ වූ ඇතැම් වාර්තා අසත්‍ය බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේ දී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබදව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව ලැබෙනවා.

එසේ අවසරයකින් තොරව ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර ලබානොදෙන ලෙසට නල්ලතන්නිය සහ රත්නපුර පොලීසිය දැනුවත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින් කඩ පතිතවන අධික වර්ෂාවත් සමඟ ශ්‍රී පාදස්ථානයට පිවිසෙන පියගැටපෙළ දිගේ අධික ජල ධාරිතාවක් පහළට ගලා ඒමත් සමඟ ශ්‍රී පාදය කරුණා කිරීම අවධානම් බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33