අවසන් මහ සටනට ඉන්දියාවත් එයි – කෝලිට තරගාවලිය අසුබ වෙයි?

2024 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (27) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම 68කින් පරාජයට පත් කරමින්.

ප්‍රොවිඩන්ස් හි දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායක ජොස් බට්ලර් හට හිමි වූ අතර ඔහු තීරණය කළේ පළමු ව පිතිකරණයේ වගකීම ඉන්දියාවට පැවරීමටයි.

එම ඇරයුම පිළිගත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කළ තරග 07ක් තුළ තරග 05ක දී ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස සැලකෙන විරාට් කෝලි ඊයේ තරගයේ දී ද අඩු ලකුණකට දැවී යන ආකාරය දක්නට ලැබුණා.

ඒ අනුව කෝලි ක්‍රීඩා කළ තරග 07න් 05ක් ම දැවී ගොස් ඇත්තේ ලකුණු 10ට අඩු ලකුණකින් වීම ද විශේෂත්වයක්.

එංගලන්තය හමුවේ කෝලි ලකුණු 09ක් ලබා සිටියදී දවා ගන්නට Topley සමත් වුණා.

කෙසේවෙතත් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා ලකුණු 57ක් සහ සූර්‍යකුමාර් යාදව් ලකුණු 47ක් රැස් කළා.

Chris Jordan කඩුලු 03ක් බිඳ දැමූ අතර Reece Topley, Jofra Archer, Sam Curran සහ Adil Rashid එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම සියල්ලන් ම දැවී ලබා ගන්නට සමත් වූයේ ලකුණු 103ක් පමණි.

බෘක් ලකුණු 25කුත් බට්ලර් ලකුණු 23ක් සහ ආර්චර් ලකුණු 21ක් රැස් කරගත්තේ බිඳ වැටෙමින් තිබූ එංගලන්ත ඉනිමට මුක්කු ගසමින්.

නමුත් එම ලකුණු ප්‍රමාණය ජයග්‍රහණයකට ප්‍රමාණවත් නොවූ අතර ඉන්දීය පන්දු බලඇණිය අබියස එංගලන්ත කණ්ඩායම පරාජයට පත්වීම වළක්වා ගැනීමට හැකි වුණේ නැහැ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු ක්‍රීඩක අක්සර් පටෙල් තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමින් ලකුණු 23කට කඩුලු 03ක් ද, කුල්දීප් යාදව් ලකුණු 19කට කඩුලු 03ක් ද ජස්ප්‍රිට් බුම්රා කඩුලු 02ක් ද බිඳ හෙලුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම හෙට (29) දිනයේ බ්‍රිජ්ටවුන් හි දී ආරම්භ වන අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව හා තරග වදිනු ඇති.

WhatsApp Image 2024 06 28 at 07.33.55


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23