අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි

මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ වී තිබෙනවා.

අද (30) රාත්‍රී 07.03ට යෙදී තිබූ සුබ මොහොතිනුයි පෙරහැර වීථි සංචාරය ආරම්භ කරනු ලැබුවේ.

අවසන් රන්දෝලි පෙරහැර, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී. එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිතයි.

පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

අද අවසන් මහ රන්දෝලි පෙරහැරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ, වැඩම වනු ලබන්නේ කතරගම වාසනා හස්ති රාජයායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අවසන් මහ රන්දෝලි පෙරහර නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් විශාල ජනකායක් මඟ දෙපස රැස්ව සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51