spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවසන් මහා තරගයට හෝරා කිහිපයයි – තණතීරුව ගැන පැට් කමින්ස් කනස්සල්ලෙන්

2023 එක්දින ලෝක කුසලාන තරගවලියේ අවසන් මහා තරගය තවත් හෝරා කිහිපයකින් ආරම්භවීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

මේ අතර මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා සූදානම් කර ඇති තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට කනස්සල්ල පලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තණතීරුවේ වෙනස්කම් සිදුකිරීම සම්බන්ධයෙන් කමින්ස් මෙලෙස කනස්සල්ල පලකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පැට් කමින්ස් තණතීරුවේ ඡායාරූප ලබාගන්නා අයුරු දැක්වෙන ඡායාරූයක් ද ඊයේ දිනයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
7
+1
4
+1
7
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?