අවසන් ටෙස්ට් තරගයේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 200ට අඩුවෙන් නවතියි

බෝඩර් ගවස්කාර් කුසලාන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 185ක් රැස් කළා.

සිඩ්නි නුවර දී ආරම්භ වුණු දෙරට අතර තරගයේ ඉන්දීය නායකත්වයේ වෙනසක් සිදු ව ඇති අතර රෝහිත් ෂර්මා වෙනුවට ජස්ප්‍රිට් බුම්‍රා කණ්ඩායම මෙහෙයවනවා.

කෙසේවෙතත් අද දිනයේ දී පෙර තරගවල සේ ම ඉන්දීය පිතිකරණයේ දුර්වල සහ පසුගාමීත්වයක් පෙන්නුම් කළ අතර බොහෝ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් පවා අඩු ලකුණුවලට දැවී ගියා.

තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පුරා ම සෑම ඉනිමක දී ම සේ ම අදත් සුපුරුදු පරිදි විරාට් කෝලි අසාර්ථක වූයේ ලකුණු 17කට දැවී යාමකට ලක්වෙමින්.

රිෂාබ් පාන්ට් පමණක් ලකුණු 40ක් රැස් කරගැනීමට සමත් වූ අතර රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26ක් රැස් කළා.

සිව්වැනි ටෙස්ට් තරගයේ දී සිය කුළුදුල් ටෙස්ට් ශතකයෙන් ලොවක් වසඟයට ගත් නිටිෂ් කුමාර් අද බෝලන්ඩ්ගේ පන්දුවක් හමුවේ කිසිදු ලකුණක් නොලබා ම දැවී ගියා.

කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් ලකුණු 31කට කඩුලු 04ක් ද මිචෙල් ස්ටාක් කඩුලු 03ක් ද පැට් කමිස්න් කඩුලු 02ක් සහ නෙතන් ලියෝන් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

මේ වනවිට සත්කාරක ඔස්ට්‍රෙලියානුවන් සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම අරඹා ඇති අතර එක් කඩුල්ලක් දැවී ලකුණු 09ක් ලබා සිටිනවා.

බුම්‍රාගේ පන්දුවක් හමුවේ උස්මන් කවජා දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34