අවසන් එක්දින තරගයේ කාසිය වාසිය පාකිස්ථානයට – පවන්ට ජාත්‍යන්තර එක්දින වරම්

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු යැවීමට තීරණය කළා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අද තරගයේ දී යොවුන් ක්‍රීඩක පවන් රත්නායක ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තා.

වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට පවන් රත්නායක, එශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර නිත්‍ය නායක චරිත් අසලංක උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් අද තරගය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

අද තරගයේ දී පාකිස්ථාන කණ්ඩායමේ ද වෙනස්කම් හතරක් සිදුකර ඇති බව නායක ෂහීන් ෂා අෆ්රිඩි සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14