spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවසන් එක්දින තරගයට එක්වන ශ්‍රී ලංකා පිළේ වෙනසක්

ඉන්දීය කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (15) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තිරිවානදපුරම් හිදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකිරීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඒ, අනුව දෙවන තරගය සඳහා ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, දෙවන තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දුට අද තරගට එක්වීමේ අවස්ථාව මඟ හැරී යනවා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජගත් ඉන්දීය පිළ තරගවලියේ ජය මේ වනවිටත් හිමිකරගෙන අවසන්.

මෙම තරගාවලියට පරාජයට පත්වුව ද ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය ගැනීම අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?