අවශ්‍යනම් ආණ්ඩුවෙන් යන්න : ඇමති නාමල් ශ්‍රීලනිපයට කියයි

තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවසා සිටිනවා.

ජනතාව ඔවුන්ට ද ඡන්දය ලබාදුන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බවයි මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා,

“ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හින්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ. ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඉතින් අවසානයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ හැම තීරණයකට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ. ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12