අවලෝකිතේෂ්වර බෝධිසත්ව අද උසාවියට – අලුයම් කාලය වනතෙක් දේශන පවත්වලා

අත්අඩංගුවට ගැනුණු අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පෙනී සිටිමින් බෞද්ධ දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාව ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත්අඩංගුවට ගැනුණා.

බලන්ගොඩ කාශ්‍යප හිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා ඔහු නවාතැන් ගෙන සිටි බව කියන කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන ආ අතර, එහිදී සැකකරු පාවිච්චි කළ බව කියන ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් භාරයට ගැනුණා.

මේ අතර මොහු රැඳී සිටි නිවස ඕස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එම නිවස තුළ පසුගිය දින කිහිපයේ දීම අලුයම් කාලය වනතුරු දේශන පැවති බව ප්‍රදේශවාසීන් විසින් පවසා තිබෙනවා.

ඒ, සඳහා රැවුල සහ කොණ්ඩ වැවූ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවත් ප්‍රදේශවාසීන් පොලිසියට පවසා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01