අවම ලංසුවට ලබාදුන් මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියට මුජිබර් අකුල් හෙලයි ?

මන්නාරම ප්‍රදේශයේ පිහිටා ඇති මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතිය ප්‍රමුඛතම දේශීය සමාගමක් වෙත ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළා.

පොදු ටෙන්ඩර් කැඳවීමක් ලෙස පසුගිය වසරේ මැයි මාසයේ දී ඉදිරිපත් කරන ලද මෙම අවස්ථාව වෙනුවෙන් ලක්දනවි සමාගම ඇමරිකානු ඩොලර් ශත 5.90ක්, විදුලංකා සමාගම ඇමරිකානු ඩොලර් ශත 4.98ක් සහ වින්ඩ් ෆෝස් සමාගම ඇමරිකානු ඩොලර් ශත 4.88ක් වශයෙන් සිය ලංසු ඉදිරිපත් කර තිබුණා.

එහිදී අවම ලංසු අගය වූ ඇමරිකානු ඩොලර් ශත 4.65ක අගය ඉදිරිපත් කරන ලද්දේ හේලිස් ෆෙන්ටන්ස් සමාගම විසින්.

හේලීස් සමාගම විසින් මෙම ටෙන්ඩරය සඳහා මුල්වරට ලංසුව ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි තිබූ යම් ලේඛන දෝෂයක් හේතුවෙන් ව්‍යාපෘති කමිටුව විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ වෙනුවෙන් අභියාචනාවක් ඔවුන් විසින් 2024 වසරේ ජූලි මාසයේ දී ගොනු කළ අතර, එය ඇගයීම් ක්‍රියාවලිය සඳහා අභියාචනා මණ්ඩලය වෙත යොමු වුණා.

එම අධීක්ෂණ කටයුතුවල දී ලංසු තැබීමෙ දෝෂ පිළිබඳ අභියාචනා කමිටුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රශ්න කළ ද ඒ සඳහා සාර්ථක පිළිතුරක් සැපයීමට ඔවුන් අපොහොසත් වූ අතර, ලංසුව ප්‍රතික්ෂේප වීම කෙරෙහි බලපෑ වෙනත් හේතු සාධකයන්ද නොමැති බවයි එහිදී ලංවිම සඳහන් කළේ.

ඒ, අනුව 2024 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් (CANC) සමාගමේ මූල්‍ය ලංසුව විවෘත කිරීමට නිර්දේශ කළ අතර, දෙසැම්බර් මාසයේ දී බලශක්ති මණ්ඩලය විසින් සියලුම ලංසුකරුවන් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘතිය හේලීස් ෆෙන්ටන්ස් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව ප්‍රකාශ කර සිටියා.

තවද, මෙම නිර්දේශයට එරෙහිව අභියාචනා ගොනු කිරීමට සතියක කාලයක් ලබාදී තිබූ අතර ඒ සඳහා කිසිඳු සමාගමක් අභියාචනා ඉදිරිපත් කර තිබුනේ නැහැ.

දීර්ඝ අධීක්ෂණ ක්‍රියාවලියකින් පසු හිමිවූ මෙම අනුමැතිය පිළිබඳ මුජිබර් මන්ත්‍රීවරයා අත්තනෝමතික ලෙස සිදු කරන විවේචන එබැවින් ඵල රහිත වනවා.

අවම ලංසු අගයක් යටතේ මෙරට දේශීය සමාගමක් වෙත මෙම ව්‍යාපෘතිය පවරාදීම රටේ ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි ධනාත්මක පිටුබලයක් සපයනවා.

එනම්, මෙරට මහජනතාවගේ ආර්ථිකය වෙත සහනදායි අස්වැසිල්ලක් මෙමඟින් සපයන අතර, අනෙකුත් ලංසුවලට සාපෙක්ෂව රුපියල් බිලියන 03 කට වැඩි මුදලක් රට තුළම ඉතිරි කරනවා.

එබැවින් රටේ පුරවැසියන් ලෙස මෙවැනි තීරණ පිළිබඳව අප සැබැවින්ම සතුටු විය යුතුයි.

එහෙත් එවන් පසුබිමක විවිධ පදනම් විරහිත විවේචන සහ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් මුජිබර් මන්ත්‍රීවරයා වැනි මහජන නායකයන් මෙවැනි තීරණවලට අකුල් හෙලන හේතු සාධකය කුමක්ද යන්න ගැටලුවක්.

එමෙන්ම ලංසු ඉදිරිපත් කළ අනෙකුත් සමාගම් ද මෙම තීරණය සම්බන්ධයෙන් කිසිඳු විරුද්ධත්වයක් පළ නොකරන අවස්ථාවක, මහජන නියෝජිතයෙකු ලෙස පොදු ජනතාවට යහපතක් වන ක්‍රියාවන් පිළිබඳ මෙතරම් කෝපයට පත්වීමට සැබෑ හේතුව කුමක්ද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44