අවම බස් ගාස්තුව රුපියල් 16 ක්..

අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මේවනවිට අවම බස් ගාස්තුව වන්නේ රුපියල් 14 ක්. ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන බවත්, එම ගාස්තු පිළිබඳ අනිද්දා ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ගණනය කිරීම්වලදී යෝජිත අවම බස් ගාස්තුවට වඩා සුළු ප්‍රමාණයක වැඩිවීමක් සිදු කිරීමට නියමිතව තිබූ බවයි.මේ අතර “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමවේදය ලබන බදාදා මෙරට බස් මගීන්ට හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40