අවමන් සහගත පරාජයක් මව්බිමේ දී අත්විඳින ඉන්දියානුවන්

සංචාරක දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලිය, 2- 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ අද (26) එම තරගාවලියේ දෙවන තරගය ලකුණු 408කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානුවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 489ක් රැස් කර ගත්තා.

එහිදී ඉන්දීය සම්භවයක් සහිත දකුණු අප්‍රිකානු ක්‍රීඩක සෙනුරන් මුත්තුසාමි විසින් ඉන්දියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීම ද සුවිශේෂිත්වයක්.

පිළිතුරු ඉනිම ලෙස පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි.

ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 288ක් ඉදිරියෙන් සිය දෙවැනි ඉනිම ඇරඹු දකුණු අප්‍රිකාව දෙවනි ඉනිම වෙනුවෙන් කඩුලු 05ක් දැවී ගොස් ලකුණු 260ක් රැස් කරගෙන සිටින විට සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

මෙම තරගය ජය ගැනීම සඳහා මෙන්ම තරගවලිය සම කර ගැනීම සඳහා ලකුණු 548ක විශාල ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

ඒ අනුව ලකුණු 408 විශාල ජයග්‍රහණයක් මෙම තරගයේ දී අත්කර ගත් දකුණු අප්‍රිකාව පෙර තරගයත් ජයගෙන තිබූ නිසා තරගවලිය 2 – 0 ක් ලෙස විශිෂ්ඨ අන්දමින් ජයගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52