අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම් දීමක්

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ නායයාමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවදානයෙන් පසුවනක ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

පසුගිය පැය 24ක කාලය තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් බෑවුම් කඩා වැටීම, ගල් පෙරළීම, පස් කණ්ඩි කඩා වැටීම සහ පොළොව ගිලා බැසීමේ අවදානම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි දැනුම් දෙන්නේ.

එම සංවිධානය අද රාත්‍රී 8.30ට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ හෙට රාත්‍රී 8.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කලුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්වල අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැලකිලිමත් වන ලෙසටයි.

විශේෂයෙන් අදාළ ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු වනවා.

පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් සහ දුරකථන කුළුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇතිවන පිපුරුම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම් මෙන්ම එක්වර ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම, අවහිර වීම හෝ නැතිවීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ එවැනි නාය යාමක පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසටයි.

ඊට අමතරව අනතුරට ලක්විය හැකි යැයි අනුමාන කෙරෙන ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් වැඩි වශයෙන් පරීක්ෂාකාරී විය යුතු අතර දැඩි වර්ෂා තත්ත්වය පැවතුනහොත් සුරක්ෂිත ස්ථානයක් කරා ක්ෂණිකව ඉවත්ව යාමට සූදානම්ව සිටින යුතු බවටයි දැනුම් දෙන්නේ.

Land Slide1 scaled
Land Slide2 scaled
Land Slide3 scaled
Land Slide4 scaled
Land Slide5 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20