අවදානමක් ගැන රාජ්‍ය ඇමති චන්න කියු කතාව

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“අපි පළාත් අතර සංචරණ සීමා පනවාගෙන යනවා. එසේ වුවත් ජනතාව සිද්ධස්ථානවලට ඒවගේම මළගෙවල්, මඟුල් ගෙවල්වලට තමන්ගේ පවුලේ හිතවතුන් එක්ක තියෙන උත්සවවලට ඉතාම අධික විදියට එකතුවෙලා නරක විදියට පුර්වාදර්ශයක් දෙමින් තියෙනවා. ඊයේ මම අටමස්ථානය වැඳපුදා ගන්න ගියා. විශේෂයෙන්ම දැක්කා රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආසන්නයේ ඉතා විශාල පිරිසක් එකතුවෙලා සිටිනවා. විශේෂයෙන්ම මේ සති දෙකකට තුනකට පෙර දවසකට 200ක් මියගිය රටක්. තාම මේ අසනීපේ සම්පූර්ණයෙන්ම නැතිවුණා කියලා හිතන්න නරකයි. අපිට කිසිම වගකීමක් දෙන්න බෑ ඉදිරියේ දී මේ වෛරස් එක වෙන්නේ නෑ කියලා. පෙන්න තියෙනවා ලෝකයේ නැවත වතාවක් අලුත් රැල්ලක් මතුවෙමින් පවතිනවා. රෝගීන් හා මරණ ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ නිසා අවදානම පහව ගියා කියලා වැරදි අදහසක් ගන්න එපා.”

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අදාළ එන්නත් මිලදී ගැනීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව අනාවරණය කරන බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට එන්නත්කරණ වැඩසටහන අවසන් අදියරට පැමිණ ඇති බවය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගත වූ දිනයේ ද පුද්ගලයින් 117,587 දෙනෙකු එන්නත්කරණයට ලක්ව තිබේ.

එහිදී පළමු මාත්‍රාව 12,995 දෙනෙකු ලබා ගෙන ඇති අතර දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව 104,592 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් එක් 12,360,162 දෙනෙකු මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.

එක් මාත්‍රාවක් හෝ ලබා ගත් සංඛ්‍යාව 14,698,140 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මේ අතර, මාස හතරහමාරකට පසු මෙරට සිදුවූ වූ අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (09) වාර්තා වූ අතර ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 800 සීමාවට අඩුවෙන් වාර්තා වී තිබේ.

මාස හතරහමාරකට පසු මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඊයේ වාර්තා වුණි.

මේ අතර, අන්තර් පළාත් සංචරණ සීමා මේ වනවිට ඔක්තෝබර් 21 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

එවැනි පසුබිමක මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අසල අද (10) උදෑසන පැවති රථවාහන තදබදයක් දක්නට ලැබුණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14