අලුතින් පත් කළ රාජතාන්ත්‍රිකයෝ අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජතාන්ත්‍රික සේවයට එක්වන නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස නම් කරන ලද එස්.එස්. ප්‍රේමවර්ධන, බ්‍රසීලයේ තානාපතිනිය ලෙස නම් කළ සී.ඒ.සී.අයි. කොලොන්නේ, මාලදිවයිනේ මහ කොමසාරිස් ලෙස නම් කළ එම්.ආර්. හසන්, තුර්කියේ තානාපති ලෙස නම් කළ එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී. කදුරුගමුව, නේපාලයේ තානාපතිනිය ලෙස නම් කරන ලද රුවන්ති දෙල්පිටිය, කොරියානු ජනරජයේ තානාපති ලෙස නම් කරන ලද එම්.කේ. පත්මනාදන් සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ලෙස නම් කරන ලද ඩබ්ලිව්.ඒ.කේ.එස්. ද අල්විස් මෙලෙස අග්‍රාමාත්‍යවරිය හමු වී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වුණේ.