අලුතින් තහනම් කරන පොලිතීන්, ප්ලාස්ටික් ලැයිස්තුව මෙන්න

භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුවට අයත් නිෂ්පාදන තහනම් කිරීම කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටිනවා.

පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කිරීමට නියමිත දෙවන ලැයිස්තුවට ඇතුළත් නිර්දේශ කර ඇති පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පහතින් දැක්වෙනවා.

01. කමිස ඇසුරුම්වල ඇති Shirt Clip.

02. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි ආහාර පෙට්ටි, යෝගට් / අයිස්ක්‍රිම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන්.

03. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද පොස්ටර්, දැන්වීම්, කටවුට් හා විවිධ මාදිලියේ දැන්වීම්.

04. . එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන බීම බට (Straws) හා බීම කළතන (Stirrers).

05. මිලිමීටර් 400 -500 දක්වා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි සිලි බෑග් හා ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග්.

06. PET හා PVCවලින් නිෂ්පාදිත මි.ලී 400ට අඩු කුඩා බෝතල්.

07. හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම.

08. පලතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන Foof Wrappers.

09. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට (Bead) අඩංගු පුද්ගලික සෞඛ්‍යරක්ෂණ ආලේපණ Personnal care Products.

10. උණුසුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය .එනම්, ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් හැඳි හා කෝප්ප යනාදිය.

11. PET හා PVCවලින් නිෂ්පාදිත මි.ලී 750ට අඩු ප්‍රමාණයේ බෝතල්.

එමෙන්ම මෙම සියලුම භාණ්ඩ නිපදවීම සඳහා පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර හානියට ඉවහල්වන නිෂ්පාදන වර්ග 05ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42