spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුතින් ඉදිකළ පාලමක් කඩා වැටී මෙක්සිකෝවේ අනතුරක් (වීඩියෝ)

මෙක්සිකෝවේ අලුතින් ඉදිකළ එල්ලෙන පාලමක් විවෘත කළ මොහොතේම කඩා වැටීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ සිදුවූ මෙම අනතුරින් එම පාලම විවෘත කිරීමට පැමිණි නගරාධිපතිවරයා, ඔහ්ගේ බිරිඳ ඇතුළු පුද්ගලින් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ලෑලි සහ යකඩ දම්වැල්වලින් මෙම පාලම ඉදිකර තිබූ බව සඳහන්.

පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති,ඔහුගේ බිරිඳ සහ නගර සභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටි ඇති බවයි වාර්තා වන්නේ.

නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිය දී පාලම සම්බන්ධ කර තිබූ දම්වැල්වලින් එය ගැලවී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පාලම කඩා වැටීමෙන් අනතුර ලක් වූ පිරිසකගෙන් කීපදෙනකු අස්ථි බිඳීමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?