අලුත් සිතුම් පැතුම් සමග නව මාවතකට කාලය එළැඹ ඇත

පවතින අභියෝග සැලකිල්ලට ගනිමින් අලුත් සිතුම් පැතුම් සමග සෞභාග්‍යවත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ සිංහල හින්දු අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

අගමැතිවරයා විසින් නිකුත් කළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ නැවුම් බලාපොරොත්තු ඉටුවන සිංහල හින්දු අලුත් අවුරුද්දක උදාව නිමිත්තෙන් ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට හෙළ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සමග එක්වෙයි.

ගොවිතැන මූලික හරය කරගනිමින් මිනිසුන් අතර බැඳී පවතින සංස්කෘතිකමය වටිනාකමකින් යුතු සමාජ පිළිවෙත් අලුත් අවුරුද්ද සමග යළි සිහිපත් වේ.

රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනයගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබේ.

එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

ජනතාව පිට පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටින බව සිහිපත් කරමි.

ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ දී අපි සියලු දෙනා අදිටන් කරගමු.

ඔබ සැමට සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33