අලුත් මුහුණුවලින් පාර්ලිමේන්තුව පුරවන්න – ජනපති ඡන්දදායකයින්ගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ අලුත් සාමාජිකයින්ගෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ දී අද (09) පැවති ජාතික ජන බලවේගයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් පක්ෂවලිනුත් අලුත් සාමාජිකයින් පාර්ලිමේන්තුවට එවීමට ඡන්දදායකයින් කටයුතු කළ යුතු බවයි.