අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙදින පුහුණුවක්

10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනා ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසනවා.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ.

මේ අතර ලබන 19 සහ 20 යන දෙදින තුළ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ තොරතුරු කවුළුවක් පාර්ලිමේන්තුවේ පුස්තකාල පරිශ්‍රයේ ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවා.

මේ අතර අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද නියමිතයි.

මෙම තෙදින වැඩමුළුව ලබන 25,26 සහ 27 යන දිනයන්වල දී පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.

10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09