අලුත් තනතුරින් පසු කිංස්ලිගෙන් බිරිඳට කොන්දේසියක්

තමා සේවය කල ආයතනයේ සහ තමන් සේවය කරන්න යන ආයතනයේ කිර්තිනාමය වෙනුවෙන් තමා සැලකිලිමත් විය යුතු බව සිරස නාලිකාවේ ප්‍රධානියෙකු වූ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

නව රැකියාව ලැබීම තමාගේ බිරිඳට අදහාගත නොහැකි වූ බවද තමා විසින් බිරිඳට කොන්දේසියක් දැමු බවද පැවසිය.

ජනාධිපතිවරයාගේ සහ අවට සිටින අයගේ සෘජුභාවය නිසා තමාට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරය හිමි වූ බව පවසයි.

සිරස නාලිකාවේ විකාශය වූ වොයිස් වැඩසටහනෙන් තමන් ඉවත් වූ බවද තමා සිරස නාලිකාවන් ඉවත් වුනේ කලකිරීම මත බවත් සඳහන් කළේය.

මෙරට පැවති යුද්ධය නියාමනයේ නායකත්වය දරන්නේ ආනන්දයෙන් බිහි වෙන අය බවත් ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්තුමා වගේ මේ සියල්ලම ආනන්දයෙන් බිහිවුණු අය බවද ඒ මහතා සඳහන් කරයි.

“ඒ සහෝදරාත්මක බැම්ම හරි තදයි. අනෙක් අයට පිඩාවක් නොවනතාක් මමත් ඒකට එකඟයි. එයින් තව කාවහරි පිඩාවට පත්කරනවා නම් මම ඒ කඳවුරෙන් එලියට එනවා. ආන්නදයට විශේෂත්වයක් කරනවා නෙමෙයි, ආනන්දේ අය විශේෂයි.”යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.

තමා සහ සුදේව හෙට්ටිආරච්චි සිටින්නේ එකම ප්‍රදේශයේ බවත්, එකම මුතුහර ළමා සමාජයේ සිටිය බවත්, එකම පාසලේ බවත්, එකම දහම් පාසලේ බවත්, එකම ස්කුල් බස් එකේ ගිය බවත්, පියවරු දෙදෙනාත් එකම හමුදාවේ එකම කාලයේ සේවය කල බවත්, එකම දේශපාලන පක්ෂයක එකම රැස්වීමට ගිය බවත් සඳහන් කරන කිංස්ලි රත්නායක මහතා පෙන්වා දෙන්නේ දේවල් සාදගෙන ඒ දෙස බැලූ විට උත්තර හමුවනේ එක විදියකට බවද සඳහන් කළේය.

සම්පුර්ණ වැඩසටහන පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27