අලුත් ගෑස් සමාගමක් එයි! ඇමැතිවරයෙකුට බලයත් පවරලා

ගෑස් අලෙවියට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ් හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පැවරීමට ඉකුත්දා (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවේ.

ඒ් අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ගෑස් මිල ඉහලට

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබාදී තිබෙනවා.

නව මිල සංශෝධනයත් සමග ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 363කින් මිල වැඩිවී තිබෙන අතර කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවී ඇත්තේ රුපියල් 145කිනි.

කෙසේ වෙතත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09