spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් කෙනෙක් පත් කරගන්න වෙයි

විදේශ රටවල මිල ගණන් වෙනස් වන ආකාරයට මෙරට ආර්ථිකයේත් වෙනස්කම් සිදුවෙනවානම් ආණ්ඩුවක් පැවතීමෙන් ඵලක් නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (12) පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ පවතින ප්‍රතිපත්ති ජනතා විරෝධී බැවින් ඒ සඳහා සහාය නොදිය යුතු බවය.

“අද උදේ වෙනකොට තෙල් මිල වැඩිවී තිබෙනවා. හිතන්න අමාරු තරම් වැඩි ගණන්වලට.  ලෝකයේ මිල වැඩි වෙන වැඩි වෙන ප්‍රමාණයට ලංකාවෙත් මිල වැඩි කරනවා නම්..ආණ්ඩුවක් මොකට ද? ඒක අදත් අපිට කියන්න වෙනවානේ. දැන් පේන විදිහට IMF නෙමේ.. ඕන තැනක යයි. දැන් නම් මේ රජය ගෙනියන්න සහායක් නොදිය යුතුයි. මොකද මේ රජයේ ප්‍රතිපත්ති ජනතා වීරෝධි.

එළියට බහින්නත් හිත හදාගෙන ඉන්නේ. එළියට බහිනවාද? එළියට දමනවා ද? කියන එකේ ලොකු වෙනස.., අපිට හරියට රටට ප්‍රකාශකර ගන්න ඕනේ. ඒ නිසයි මේ බල බලා ඉන්නේ. 
ආණ්ඩුවත් එක්ක මගේ වෙනම ඩීල් එකක් නෑ. ඒ විරෝධය මම පළ කරන්නේ. ඇමතිවරයෙකුගේ කාර්ය භාරයෙන් ඉවත් වෙමින්. ඒ අනුව ආණ්ඩුවට මේ ඇමති ධුරයට අලුත් කෙනෙක් පත්කර ගන්න වෙයි. ආණ්ඩුව තමන්ගේ පියවර ගත යුතුයි කියා මං ආණ්ඩුවට අභියෝග කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?