අලුත් කැබිනට්ටුවට වැටුප් නෑ – අගමැති

නව කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍ය වැටුප් නො ගෙවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (19) පාර්ලිමේන්තු සැසිවාරයේ දී සඳහන් කළා.

මේ අතර, මන්ත්‍රීවරුන්ගේ ඇතැම් වරප්‍රසාද ද කපා හරින බව යි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් රැසක් අද පාර්ලිමේන්තුවේ දී පළවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්