අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු සමය තුළ සිදු වූ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

ඒ, අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරු 18ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මෙම වසරේ අප්‍රේල් 10 වනදා සිට 19 වනදා දක්වා වූ අලුත් අවුරුදු සමය තුළ මාරක රිය අනතුරු 88ක් සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 92ක්.

එමෙන්ම පසුගිය 2025 වසරේ අප්‍රේල් 10 වනදා සිට 19 වනදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 70ක් සිදුව පුද්ගලයින් 72 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙම මාරක රිය අනතුරුවලින් පසුගිය වසරට සාපේක්ෂ මියගිය සංඛ්‍යාව ද 20කින් මෙම වසර තුළ ඉහළ ගොස් ඇති බවයි අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

මේ අතර පසුගිය 12 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ දී බීමතින් රිය පැදවූ පුද්ගලයින් 4,225 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39