spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුදු සමයේ භාණ්ඩ මිලේ අඩුවක් – අද දිනයේ එළවළු මිලේ තරමක වැඩිවීමක්

එළඹෙන අලුත් අවුරුදු සමයවන විට භාණ්ඩ මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම කාලය වන විට එළවළු මිලේ ද අඩුවීමක් සිදුවන බවයි.

වර්ෂාව නතරවීමත් සමඟ මේ වනවිට බොහෝ පිරිසක් වේගයෙන් වගාකිරීම ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර පසුගිය දිනට සාපේක්ෂව අද (27) දිනයේ එළවළු මිල තරමක් ඉහළ යෑමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව අද (27) උදෑසන පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල ගණන් දැක්වුණේ මෙලෙසින්.

කැරට් රුපියල් 1500
බෝංචි රුපියල් 700
ගෝවා රුපියල් 500
මාලු මිරිස් රුපියල් 800
අමු මිරිස් රුපියල් 900
ලීක්ස් රුපියල් 500
බීට්රූට් රුපියල් 750
වැටකොලු රුපියල් 400
බණ්ඩක්කා රුපියල් 400
තක්කාලි රුපියල් 600
ලූනු කොළ රුපියල් 350
දඹල රුපියල් 400
රාබු රුපියල් 130
වට්ටක්කා රුපියල් 180
වම්බටු රුපියල් 700

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?