අලුත් අවුරුදු පොකුරට වඩා ලොකු පොකුරක් නුදුරේ

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

දැනට පවතින නිරෝධායන අඳිරි නීතිය නාමිකව පමණක් ක්‍රියාත්මක වන බව බිම් මට්ටමේ තත්වය විග්‍රහ කිරීමේ දී පැහැදිලි වේ. මෙම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රායෝගික ව රට තුල ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බලධාරීන් උනන්දු වූයේ නැත. ලබන ඔක්තෝ බර් මස 01 වනදා තෙක් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කලද, මේ වනවිට බිම් මට්ටමේ සැබෑ ලෙසම සංචරණ සීමා ක්‍රියාත්මක වේදැයි ප්‍රශ්නයක් පැන නගී. අප අත්විඳින තත්වය තුල පොදු ප්‍රවාහන සේවා හැර අනෙක් සියලු ප්‍රවාහන සේවා නිදහස්ව ක්‍රියාත්මක වන අතර ජනතාවගේ සංචරණය ද බොහෝ දුරට නිදහසේ සිදුවේ. එසේම මත්පැන් ඇතුළු අත්‍යශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සැපයීම ද බාධාවකින් තොරව සිදුවේ. මෙම තත්වය තුල ඉදිරියේදී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සිදුකළ හොත් නුදුරේදීම නැවතත් මීට වඩා භයානක කොවිඩි රැල්ලක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුව ඇත.

වර්තමානයේ PCR සහ RAT පරීක්ෂණ සිදුකරන සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇත. එවැනි තත්වයක් තුල කොවිඩි ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩුවීම ද බලාපොරොත්තු විය හැක. එම නිසා මීට පෙර සිදුවූ පරිදි, කොවිඩ් වෛරස ව්‍යාප්නිය බොහෝ සෙයින් අඩුවී ඇතැයි ජනතාවට වැරදි ලෙස ඒත්තු ගැන්වේ. එවිට ජනතාව නිදහසේ සංචරණය කිරීමට පෙළඹීම තුල, පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූවා සේ ඉදිරි කාලයේදී කොවිඩි ව්‍යාප්තිය සීග්‍ර ලෙස වැඩි වීමේ අවදානමක් ඇත.

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයට අප රටේ දරුවන්ගේ කොවිඩි එන්නත්කරණය පිළිබඳව විද්වත් තාක්ෂණික කමිටු නිර්දේශ ලැබී ඇත. මෙහිදී වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා එන්නත්කරණය පිළිබඳ තීරණ ගැනීමට පෙර ඒ ගැන ලෝකයේ අනෙක් රටවල සිදු කරන ලද සායනික පරියේෂණ වාර්ථා ලැබෙන තෙක් සිටීම වැදගත් වේ.

දරුවන්ගේ කොවීඩි එන්නත්කරණය පිළිබඳව දැනට ලෝකයේ ඇති නවීන දැනුම සහ අත්දැකීම් ගැන විවෘත මනසකින් විමසා බලා කටයුතු කිරීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස ප්‍රකාශ කල යුතුය.

එමෙන්ම දරුවන් එන්නන් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාoශය විසින් විධිමත් හා පාරදෘශ්‍ය එන්නත්කරණ වැඩසටහනක් සැලසුම් කල යුතුය. එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැරිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අපි තරයේ විශ්වාශ කරමු.

දැනට සෞඛ්‍ය සේවයේ කොව්ඩි රෝග සත්කාර කරන රෝහල් වල වෛද්‍යවරුන්ට සහ රෝග නිවාරණ අංශයේ කොවිඩ් 19 රෝග මර්ධන කාර්යයන්හි සේවයේ නියුතු වෛද්‍යවරුන්ට ලබා දෙන විශේෂ අතිකාල දීමනාවන්ට අදාල චක්‍රලේඛණය අගෝස්තු මාසයේ දක්වා පමණක් වලංගු වේ. නමුත් අප තවමත් කොවිඩි වසංගතයට දැඩි ලෙස මුහුණ දී සිටින සිටින රටක් ලෙස තවදුරටත් වෛද්‍යවරුන් සියලු අවදානම් තත්ව මැද කොවිඩ් රෝගී සත්කාරය සිදුකරමින් සිටියි. එම නිසා වර්තමාන තත්වය සලකා අදාල විශේෂ චක්‍රලේඛණය තවදුරටත් දීර්ඝ කිරීම කාලෝචිත බව අපගේ අදහසයි. එමඟින් එම වැඩිකල අතිකාල දීමනා ඉදිරියටත් ලබා දීම කල යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතු ය.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා
ලේකම්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

  1. PCR සහ RAPID ANTIGEN පරීක්ෂණ ප්‍රමාණය අඩු කරා කියල හිතමු. රෝගීන් අඩුවීම කෘතිමව නම් සිදුව ඇත්තේ මරණ සංඛ්‍යාව අඩු වෙන්නෙ කොහොමද. මැරෙන මිනිස්සු කාටවත් නොකියා වාෂ්ප කරල දානවද? ඔක්සිජන් භාවිතයේ තත්වය කුමක්ද? අඩු වෙලා නැද්ද?
    නිරෝධායන ඇඳිරි නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නෑ කියන එක සත්‍යයි. නමුත් මා හිතන්නේ පොදු ප්‍රවාහනය ක්‍රමයන් නවත්තපු නිසා හෙයින් සෑහෙන්න පාලනයක් ඇති ඇතිවුණා.

  2. මුන් අහිංසක මිනිස්සු අමාරුවේ දාන්න හදන්නේ…රට විවෘත කරන්න ලංවෙද්දි බාල්දි පාත්කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31