අලුත් අවුරුදු දා පියා නැසූ පුතා අත්අඩංගුවට

අලුත් අවුරුදු දා බෝතල් කටුවකින් ඇණ සිය පියා ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලිසිය පවසනවා.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ බදුල්ල, කැන්දගොල්ල, දඹගස්ගොඩ පදිංචිව සිටි 56 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ (14) පස්වරු 7.00ට පමණ බීමතින් පැමිණ බිරිඳට උදැල්ලකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ දී පුතා විසින් එම උදලු පහර වළක්වා බෝතලයක් කඩා පියාට ඇණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කහටරුප්ප පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27