spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුද්දට සිරකරුවන් 768 දෙනෙකුට නිදහස

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිරිසකට රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාදීමට නියමිතයි.

ඒ, අනුව සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකුට මෙලෙස නිදහස ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම වැඩසටහන යටතේ වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 10 දෙනෙකුට නිදහස ලබාදීම අද (13) පෙරවරුවේ සිදු කෙරුනා.

ඊට අමතරව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 16 දෙනෙකුට ද නිදහස හිමිව තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වැඩසටහන යටතේ දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?