අලුත්ගම බස් නැවතුමේදී බස්වලින් කප්පම් ඉල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට

අලුත්ගම බස්නැවතුම්පොළේ ගමන් වාරය එන තෙක් නතර කර තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ලෙස බලහත්කාරයෙන් මුදල් ඉල්ලා එම මුදල් නොදීම හේතුවෙන් ඔහුට පහරදුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්ව තිබුණේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාලයක සිට අලුත්ගම බස් නැවතුම ආශ්‍රිතව රැඳී සිටිමින් බස් රථවලින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ නිරතවී ඇති බව හෙළිවී තිබෙනවා.

අදාළ බස් කොන්දොස්තරගෙන් රුපියල් 200ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා නොදීම හේතුවෙන් ඔහුට පහර දී හිස බස් රථයේ වද්දවා ඇති බව පැමිණිල්ලේ සඳහන්.

පහර කෑමට ලක්වූ කොන්දොස්තරවරයා රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් දෙදෙනා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18