අලුත්කඩේ උසාවියට පැමිණ සිදුකළ ත්‍රීරෝද රථ සොරකමක් මාට්ටු වෙයි

කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණෙන ත්‍රිරෝද රථ සොරාගෙන මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ ගරාජයක චැසි අංක වෙනස් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කළ බව කියන සැකකරුවන් තිදෙනෙක් සහ ත්‍රිරෝද රථ 06ක් අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොළ, මාවනැල්ල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 62, 32 සහ 49 යන වයස් මට්ටම්වල සැකකරුවන් තිදෙනෙක් බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඉකුත් 2024 වසරේදී වේල්ලවීදිය සහ ඩෝල්ටන්වීදිය යන ප්‍රදේශවලදී ත්‍රිරෝද රථ තුනක් සොරාගෙන තිබූ අතර කෙසෙල්වත්ත පොලිසියට ලද පැමිණිලි මත ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අනෙක් සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 62 හැවිරිදි සැකකරු, අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට තිබූ ත්‍රිරෝද රථයක් මාලිගාවත්ත ප්‍රදේශය දක්වා තල්ලු කරගෙන ගොස්, එතැන් සිට ත්‍රිවිල් රථය පණ ගන්වා හෙම්මාතගම ප්‍රදේශය දක්වා රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලින් ආනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මොවුන් තිදෙනා විසින් කොළඹ තදාසන්න ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන ඒවායේ චැසි අංක සහ අංක තහඩ වෙනස් කිරීමෙන් පසු වංචා සහගත ලෙස එම ත්‍රිරෝද රථ විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

සොරාගත් ත්‍රීරෝද රථවල චැසි අංක සහ අංක තහඩු වෙනස් කිරීමට ගෙන ආ මාවනැල්ල ප්‍රදේශයේ ගරාජය ද ප්‍රධාන සැකකරුගේ ඥාතියෙක්ට අයත් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49