Update – අලි රොෂාන් වරදකරුවෙයි, බරපතළ වැඩ ඇතිව හිරේට

සමාධි නැමති අලියකු බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (19) නියම කළා.

එහිදී 27 වන චෝදනාවට වසර පහක සිරදඬුවම්ද 28 වන චෝදනාවට වසර 15 සිරදඬුවම්ද නියම කළ අතර, එකී සිරදඬුවම් කාලය වසර 15 කින් ගෙවී යන ලෙස නියම කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා.

0ඊට අමතරව විත්තිකරුට 27 වන චෝදනාවට ලක්ෂ 02 ක දඩයක්ද එම දඩය නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් සිරදඬුවම්ද 28 වන චෝදනාවට රුපියල් ලක්ෂ 204 ක දඩයක්ද නියම කළ අතර එකී දඩය නෙගෙවන්නේ නම් වසර බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම්ද නියම කරනු ලැබුවා.

ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළ අතර එම අලියා වහාම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරය පත්කරන ලෙසද නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙනී සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40