අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවලියක් අධිකරණයට

අලි මිනිස් ගැටුම විසඳීමට ගත යුතු යෝජනා අඩංගු යෝජනාවලියක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (20)දින අභියාචනාධිකරණයට භාර දුන්නා.

දැවෙන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ඊයේ (20)දින අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ එම යෝජනාවලිය අධිකරණයට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල පදිංචිකරුවන් 15000 කට අධික පිරිසකගෙන් සහ එම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් තිබෙන බුද්ධිමතුන් ඇතුළු විද්වතුන්ගෙන් අදහස් ලබා ගැනීමෙන් අනතුරුව එම යෝජනාවලිය සකස් කර තිබෙන බව සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව මෙම යෝජනාවලිය අධ්‍යයනය කර සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා එහි පිටපත් වග උත්තරකාර වනජීවී අමාත්‍යවරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබා දෙන ලෙසත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන මාර්තු මස 26 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම යෝජනාවලිය පදනම් කරගෙන අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා සකස් කළ හැකි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දැක්වෙන ලෙසත් වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39