අලි – මිනිස් ගැටුම වළක්වන නියෝග ඉල්ලා පෙත්සමක්

අම්පාර දිස්ත්‍රික්කය තුළ සිදුවන අලි මරණ වැළැක්වීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලට නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා යුක්තිය උදෙසා වූ සංවිධානය විසිනුයි.

එහි වග උත්තරකරුවන් ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා නම් කර තිබෙනවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමේ කියා තිබෙන්නේ, 2018 වසරේ සිට 2023 වසර දක්වා කල සීමාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කය තුළ අලිඇතුන් 255 ක් සහ මිනිසුන් 78 දෙනකු මිය ගොස් ඇති බවයි.

අඩ්ඩාචේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි පල්ලේකාඩු නැමති කුණු කන්දේ ඇති අපද්‍රව්‍ය අනුභව කිරීමට පැමිණීම හේතුවෙන් මෙම අලි ඇතුන් අනතුරට ලක්වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් අදාළ ප්‍රාදේශීය සභාව විසින් මෙතෙක් නිර්මාණය කර නොතිබීම හේතුවෙන් අලි මිනිස් ගැටුම උග්‍ර වීමට හේතු වී තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනව බව සඳහන්.

ඒ අනුව, අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අම්පාර දිස්ත්‍රික්කය තුළ එක්රොක් වන කැලි කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පළාත්වල සිදුවන අලි මරණ වැළැක්වීම සඳහා එම ප්‍රදේශවල වනජීවී කාර්යාල දෙකක් ස්ථාපිත කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

මෙම පෙත්සම අද (05) දින අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

ඒ අනුව, අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින වණ ජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56